දුර දිග ගිය වැටුප් ගැටලුව – මිල්කෝ සභාපති රඳවා ගත් සේවකයින් 13 ක් අධිකරණයට(VIDEO)

Share

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ඔහුගේ කාර්යාලය තුළ රඳවා ගැනීමට සේවකයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙලෙස පැය කිහිපයක් සභාපතිවරයාව, සේවකයින් සිර කර ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කොල්ලුපිටිය පොලීසියේ මැදිහත් වීමෙන් ඔහුව එම ස්ථානයෙන් මුදා ගැනීමට හැකි වී තිබෙනවා.

සභාපතිවරයා කාර්යාලයේ සිර කර තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News