රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

පරගොඩ දෙස සිට බුලත්සිංහල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේ දී මාර්ගය අවහිර වීම හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්‍රියාත්මක කිරීමේ දී පිටු පසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවට බුලත්සිංහල පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 34 ක් වූ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News