මූල්‍ය ආයතනයකින් කෝටි 990 ක වංචාවක්

Share

මහනුවර පොලිස් වසමේ කැන්ඩි විඩ්ගාඩ්න් ප්‍රදේශයේදී ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් කෝටි 990 ක මුදලක් වංචා කල සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වූ කැන්ඩි විඩ්ගාඩ්න්, මහනුවර ප්‍රදේශයේ පදිංචි එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ හා කොටස් හිමිකරු ලෙස කටයුතු කල පුද්ගලයෙක් බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

Read more

Local News