මාර්ගයක් අසල මිනිස් අස්ථි කොටස්

Share

මාදම්පේ පොලිස් වසමේ පනිරෙන්ඩාව වන රක්ෂිතය තුල පුද්ගල මෘත ශරීරයක අස්ථි කොටස් ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම අස්ථි කොටස් මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රධාන මාර්ගයේ මිටර් 150 ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී ඇති අතර, ශරීරයේ කොටස් දියවී ගොස් තිබීම හේතුවෙන් මාස කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට දැනට සිදු කරන ලද විමර්ශනයට අනුව පොලිසිය සැකකරනු ලබනවා.

මෙම අස්ථි කොටස් හිමි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Read more

Local News