වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.
වප් පෝය දිනය වනවිට බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ, කඨින පූජා පින්කම කෙරෙහිය. වස් පවාරණය සිදුවන්නේ වප් පෝය දිනයේ දී ය.
කඨින පූජාවට චීවරකරණයයි කියනු ලැබේ. වර්ෂයේ එක් පෝය දිනයකදී පමණක් උදාවන කඨින පූජාව බෞද්ධයාට ඉතා වැදගත් වේ. කඨින පූජාව ථෙරවාදී බුදු දහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්‍රයක් ලෙස පිළිගෙන තිබෙනවා.



