ඊයේ (29) රාත්‍රී කාලයේ දී අයගම පොලිස් වසමේ ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තුවාලකාරිය අයගම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 45 ක් වන ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමි පුරුෂයා විසින් පහර දී මෙම ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.



