යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

හෙට්ටිපොල කුලියාපිටිය මාර්ගයේ හොරොම්බුව ප්‍රදේශයේ දී හෙට්ටිපොල දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් වූ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News