විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

Share

හම්බෙගමුව පොලිස් වසමේ බුරුතගොල්ල ප්‍රදේශයේ වන අලි දෙදෙනෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට හම්බෙගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය අලි දෙදෙනා වයස අවුරුදු 25ක් හා 15ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

වගා ඉඩමක හිමිකරු විසින් ඉඩමේ ආරක්ෂාව සඳහා පුද්ගලයෙකු යොදවා සිට ඇති අතර එම පුද්ගලයා විසින් වගා ඉඩමට පැමිණෙන වන අලි පලවා හැරීම සඳහා ඉඩම වටා සවිකර තිබූ විදුලි වැටකට විදුලිය සම්බන්ධ කර තිබී ඇති අතර එම වැටේ ගැටී විදුලි සැර වැදීම හේතුවෙන් මෙම අලි දෙදෙනා මියගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ.

Read more

Local News