ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වර්ධනය කිරීමේ අරමුණින්,ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ අට වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රි ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා පහකදි අනුරාධපුර කටුගම්පොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 80000 ක ප්‍රමාණයක් ගුවනින් හෙලීම සිදුකිරීම සිදුකර තිබුණා.




