පස් කන්දක් නාය යෑමෙන් හපුතලේ බොරලන්ද මාර්ගය අවහිර වෙයි

Share

හපුතලේ පොලිස් වසමේ හපුතලේ සිට බොරලන්ද දක්වා ඇති මාර්ගයේ කිලෝමිටර් 13 කණුව ආසන්නයේ දී පස් කන්දක් නාය යාම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

එබැවින් හපුතලේ දෙස සිට බොරලන්ද දෙසට ගමන්ගන්නා රථ වාහන දියතලාව කිරින්ද හරහා බොරලන්ද දෙසට ගමන් කල හැකි අතර, බොරලන්ද දෙස සිට හපුතලේ දෙසට ගමන් ගන්නා රථ වාහන කිරින්ද දියතලාව හරහා හපුතලේ දෙසට ගමන් කල හැකි බවයි වාර්තා වන්නේ.

අවහිර වූ මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News