නව නගරය, සේරුනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස වෙල් යායක මිය ගොස් සිටින බවට ලද පැමිණිල්ලක් මත සේරුනුවර පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 69 ක් වූ සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු පසුගිය (04) වන දින රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සිදු කළ සෝදිසියේ දී මෘත ශරීරය හමු වී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



