ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ කුඩා ගලෙන්බිඳුනුවැව වෙල්යායේ දී පුද්ගලයකුට අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට ගලෙන්බිඳුනුවැව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ කුඩා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා කුඹුරට ගොස් සිටින අවස්ථාවේ මෙලෙස අකුණු සැර වැදී ඇති බව සිදු කල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



