මින්නේරිය පොලිස් වසමේ පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය ආයුර්වේද රෝහල අසල දී මින්නේරිය දෙස සිට හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ධාවනයවූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ බඳ කොටස යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු පිටුපස ගමන්කළ කාන්තාවක් සහ දැරියක් හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටිය දී කාන්තාව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 32 ක් වූ හල්මිල්ලෑව, මරදන්කඩවල ලිපිනයේ පදිංචිකාරියකි.



