අවිස්සාවේල්ල පොලිස් වසමේ හුලද්දුව ගැටහැත්ත ප්රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 22 ක් වන හුලද්දුව, ගැටහැත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට විමර්ශණයේ දී අනාවරණය වන අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධව මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



