ඔන්ලයින් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

Share

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහෙත් එහි වගන්ති රැසක් සංශෝධනය කළ යුතු බවටයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටත් එසේ නොවන්නේ නම් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News