විදේශිකයෙකු දියේ ගිලී මරුට

Share

තංගල්ල පොලිස් වසමේ සීනි මෝදර ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය විදේශිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිසක් විසින් මෙම විදේශිකයාව බේරාගෙන ගිලන් රථයකින් තංගල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 49 ක් වූ ජර්මන් ජාතික පුද්ගලයෙක්.

Read more

Local News