රිය අනතුරකින් දෙදරු පියෙක් මරුට

Share

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ උඩමාකඩවර හංදියේ දී මාර්ගය අයිනේ කොළඹ දෙසට නවතා තිබු ත්‍රිරෝද රථයක් එක් වරම දකුණුපස අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් කල රියදුරුගේ බිරිද සහ කුඩා දැරියන් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 44 ක් වූ බදුලුපිටිය, මා කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News