දුෂිත ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුලු නිලධාරීන් වහා ඉවත්විය යුතු බවට විපක්ෂය ගෙනා පාර්ලිමේන්තු විවාදය අද (09) පෙරවරුවේ ආරම්භ වුණා.
වත්මන් ක්‍රිකට් පරිපාලනය ගෙදර යැවීමට පාර්ලිමේන්තුවේ 225ම එක්විය යුතු බවයි යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.
දුෂිතයින්ට කනට ගසා ගෙදර යැවීමට හැකියාවක් නැති අතර ඊට අවශ්‍ය නීති සම්පාදනය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි යෝජනාව ස්ථිර කරමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේ.
මෙම යෝජනාවට අදාල ඡන්ද විමසීම අද පවස්රුවේ පැවැත්වීමට නියමිතයි.



