ගම්පොල පොලිස් වසමේ නවදෙවිට ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 63 ක් වන නවදෙවිට, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය සිය දියණිය රැකියාව සඳහා පිටව ගිය පසු තනිවම නිවසේ සිට ඇති අතර දියණිය රැකියාව නිමකර නිවසට පැමිණ සිය මව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී නිවසේ ඇඳක් යට මිය ගොස් ඇති බවට දැක තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකටයුතු මරණයක් ලෙස ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.