ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැකකටයුතු නිවසක් පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සහ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31, 33, 40 සහ 46 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.



