හික්කඩුව පොලිස් වසමේ වෑවැල්ගොඩ මුහුදු තීරයේ කිමිදීමට ගිය විදෙස් ජාතිකයෙකු කිමිදීමේ දී ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවට හික්කඩුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 57 ක් වූ පෝලන්ත ජාතිකයෙක්.
මරණකරු තවත් විදෙස් ජාතිකයන් තිදෙනෙකු සහ කිමිඳුම් පුහුණුකරුවෙකු සමඟ කිමිදීම සඳහා දියඹට ගොස් සිටිය දී මෙම අපහසුතාවයට පත්වී ඇති අතර පසුව ඔහුව වෙරළ වෙත රැගෙන ගොස් රෝහල්ගත කිරීමේදී මිය ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය තිබෙනවා.



