පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

රාගම වල්පොල මාර්ගයේ අබේසේකර මාවත හන්දිය ආසන්නයේ දී වල්පොල දෙස සිට කඳාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 37 ක් වූ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News