බිංගිරිය පොලිස් වසමේ දිගන්වෙල, වැල්ලරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් සිටියදී බිංගිරිය රෝහලට ඇතුලත් කර ඇති බවට බිංගිරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 21 ක් වු වැල්ලරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු 2023.11.12 වන දින තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ ප්‍රදේශයේ පිහිටි පොල්වත්තක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



