පාදුක්ක පොලිස් වසමේ පාදුක්ක ඉංගිරිය මාර්ගයේ අරුක්වත්ත ප්‍රදේශයේ දී පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ විරුද්ධ මංතිරුවට ධාවනය වීම හේතුවෙන් මාර්ගය අයිනේ සිටි පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 43 ක් වූ අංගමුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක්.



