බලංගොඩ පොලිස් වසමේ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) රාත්‍රී කාලයේ පස් කන්දක් නායයාමකට ලක්ව නිවාස 03කට හානි සිදුව, එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට බලංගොඩ පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
නායයාමට ලක්වූ ප්‍රදේශයේ අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර නායයාම හේතුවෙන් තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ සමග බලංගොඩ පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.



