බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් මහල් නිවාසයේ 03 වන මහලෙන් දරුවෙකු බිමට වැටී බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවට 119 තොරුතුරු මධ්‍යස්ථානය ලද පණිවිඩයක් මත බොරැල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තුවාල ලැබූ දරුවා වයස අවුරුදු 16 ක් වන මැගසින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලැබූ දරුවාගේ මව දරුවා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව ඔහු නිතර යන එන සර්පන්ටයින් මහල් නිවසක 03 වන මහලේ පිහිටි නිවස වෙත ගොස් කථා කිරිමේ දී නිවස තුල සිටි දරුවා කලබල වී පිටුපස ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ තිබෙන සිමෙන්ති ග්‍රිල් ආධාරයෙන් බිමට බැසිමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කල විමර්ශනවල දී තහවුරු වී තිබෙනවා.
තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



