විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Share

පන්සියගම පොලිස් වසමේ මකුල්පොත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට විදුලි සැර වැදී පොල්පිතිගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවට පන්සියගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 52 ක්වූ මකුල්පොත හන්දිය, මකුල්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විසින් තමාගේ ගොවිපල වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලි මෙම අනතුරට ලක්ව ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News