හිඟුරක්ගොඩ පොලිස් වසමේ යුදගනාව ප්රදේශයේ දී වන අලි ප්රහාරයකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මැදිරිගිරිය රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.
මරණ කාරිය වයස අවුරුදු 61 ක්වූ යුදගනාව, හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය නිවසේ සිට වැඩ කරනු ලබන වෙළඳසැල වෙත පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.



