මගී බස් රථයක් තාප්පයක ගැටෙයි

Share

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් අද (17) අලුයම අනතුරකට ලක්වී තිබේ.

දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (17) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන අසල තාප්පයකට හානි සිදුකරමින් බස් රථය අනතුරට ලක්වී ඇති බවයි වර්තා වන්නේ.

අනතුරකින් බස් රථයේ පාපුවරුවේ ගමන්කල කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Read more

Local News