අඹුසැමි ආරවුල මරණයකින් කෙලවර වෙයි

Share

තිස්සමහාරාම පොලිස් වසමේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී තුවාල ලැබූ පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 47 ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ විසින් ක්‍රිකට් පිත්තකින් හිසට පහර දී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇති අතර වයස අවුරුදු 42ක් වූ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News