අධිවේගයේ සේවකයින් 11,000ක් රාජකාරිවලින් ඉවත් වෙයි(VIDEO)

Share

මාර්ග සංවර්ධන අධිකාරියට අනියුක්ත සේවකයින් 11,000ක් පමණ අද (22) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඔවුන් මුහුණ දී ඇති ගැටලු තුනකට විසදුම් ඉල්ලමින්.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අධිවේගී මර්ගවලටයි.

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද සිදුවන්නේ නැහැ.

අධිවේගී මාර්ග සේවකයින් එහි ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර ගලවාගෙන ගොස් ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News