පස් කන්දක් නාය යමෙන් තරුණියන් දෙදෙනෙක් මරුට

Share

හාලිඇල පොලිස් වසමේ උඩුවර ප්‍රදේශයේ පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි තරුණියන් දෙදෙනෙකු අනතුරට පත්ව ඇති බවට හාලිඇල පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබෙනවා.

නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පස් කන්දට යට වී සිටි එම තරුණියන් දෙදෙනා වහාම බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණියන් අවුරුදු 21 සහ 22 වයස් වල පසුවන උඩුවර සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

Read more

Local News