අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

Share

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (24) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරනවා.

අද පස්වරු 5 සිට හෙට (25) උදෑසන 9 දක්වා පැය 16ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News