විදුලි සැර වැදී පියා හා කුඩා දැරිය මරුට

Share

පුස්සැල්ලාව පොලිස් වසමේ මායිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට හා ඔහුගේ දියණියට විදුලි සැර වැදී ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේ දී දෙදෙනාම මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 32 ක් වන අතර, මියගිය දැරිය වයස අවුරුදු 02 යි මාස 08 ක් වු මායිප්පල, කොටගේපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මරණකරු විසින් තම එළවලු කොටුව සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක දෙදෙනාම පැටලී සිටියදී අසල්වාසීන් විසින් විදුලි රැහැන් ඉවත්කර ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News