වන අලි පහරදීමකින් මිතුරාගේ නිවසේ සිටි තරුණයෙක් මරුට

Share

සීගිරිය පොලිස් වසමේ කිඹිස්ස ප්‍රදේශයේ නිවසකට වන අලි පහරදීමක් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් නිවසේ බිත්තියක් කඩා වැටී නිවස තුල සිටි තරුණයෙකු එම බිත්තියට යටවී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 18 ක් වන කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු තම මිතුරෙකුගේ නිවසට පැමිණ සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News