පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බදුල්ල පොලිස් වසමේ විහාරගොඩ ප්රදේශයේ දී වැටලීමක් සිදුකර රුපියල් කෝටි 03කට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන බදුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.




