මිහින්තලේ පුද බිමේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
පුදබිමේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ.
හමුදාව ඉවත් කළ ද මිහින්තලේ පුදබිමේ ආරක්ෂාවට ඉන් බලපෑමක් එල්ල වී නැති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ.



