රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

ගැටබේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මැද පිහිටි කොන්ක්‍රිට් තීරුවේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 25 ක් වූ ඉඹුල්මල්ගම, පිලිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදිකරු ද පසු පැදිකරු ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News