ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි රැහැන් පද්ධතියක මීටර් 500 ක් දිගැති විදුලි රැහැන් කම්බි දෙකක් හා ඒවා සවිකර තිබූ උපාංග කපා සොරකම් කර තිබෙනවා.
විමර්ශන නිලධාරීන් විසින් සොරකමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු සොරකම් කරන ලද විදුලි රැහැන් ඇතුළු ඒවා සවිකර තිබූ උපාංග ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු කොට්ටගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.



