ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණා.
මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියා.
මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය ජාතික ජන බලවේගය විසින් පෙන්වා දුන්නා.





