කැකිරාව දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 87 කණුව ප්රදේශයේ දී කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදිකයා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 69 ක් වු මහඇලගමුව, කැකිරාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.



