මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Share

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු එම ධූරයෙන් ඉවත් කරන ලෙසට සේවකයින් පසුගිය දිනවල විවිධ වෘත්තීය සමිති
ක්‍රියාමාර්ග වලද නිරත වුණා.


2022 වසරේ සිට රේණුක පෙරේරා, මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මිල්කෝ සේවකයින් වර්තමාන සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපය පුරා ම උද්ඝෝෂණ වලද නිරත වුණා. සමාගමේ සේවකයන්ගේ වැටුප් නොගෙවීම සම්බන්ධවත්, වර්තමාන සභාපතිවරයා, ආයතනය පාඩු ලබන ආයතනයක් බවට කරන බවත් පවසමිනුයි ඔවුන් දිගින් දිගටම සභාපතිවරයාට විරෝධය පළ කළේ. පිළිතුරක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යාංශය වැටලීමට ක්‍රියාකරන බවද වෘත්තීය සමිති නියෝජිතයින් උද්ඝෝෂණ සිදු කරමින් රජයට අනතුරු අඟවා සිටියා. මෙවන් පසුබිමක මිල්කෝ සභාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

Read more

Local News