යුක්තිය මෙහෙයුමෙන් ප්‍රදේශ කිහිපයකින් 2000ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය විසි හතර තුළ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 2121ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම මෙහෙයුම යුක්තිය ලෙසයි නම් කර ඇත්තේ. මෙම අපරාධ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම වෙනුවෙන් පොලිසිය ඊයේ සිට විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා. මීට සමගාමීව මීටියාගොඩ පොලිසියත් ඒ වැටලීම් ආරම්භ කර තිබුණා. එහිදී හික්කඩුව, කළුපේ, අඹගහවත්ත ප් රදේශයේදී, බොරදොර වර්ගයේ තුවක්කුවක් සහ හෙරොයින් ග්‍රෑම් පහක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාත්තන්කුඩි පොලිසිය සිදුකළ වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝ තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර හිටපු සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු ද වන බවයි වාර්තා වුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය මුල්ලේරියාවේදීත් විශේෂ වැටලීමක් ආරම්භ කර තිබුණා. අයිස් මත්ද් රව් ය සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුනගේ ගෝලයින් බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය විසි හතර තුළ සැකකරුවන් දෙදහස් එකසිය විසි එක් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. ඒ අතරින් එකසිය එක් දෙනෙකු කාන්තාවන්. සැකකරුවන්. එකසිය තිස් තුන් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා. තවත් පුද්ගලයින් දොළොස් දෙනෙකු පිළිබඳ රැඳවුම් නියෝග ලබා ගනිමින් විශේෂ විමර්ශන සිදු කිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.

Read more

Local News