නිට්ටඹුව පොලිස් වසමේ හග්ගල්ල අල්ගම මාර්ගයේ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ඉදිරිපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 27 ක් වූ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



