ලබන වසරේ සිට පාසල්වල පන්ති කව අනිවාර්යයි – අධ්‍යාපන ඇමති

Share

එළඹෙන වර්ෂයේ අධ්‍යාපන පද්ධතිය තුළ පාසල් මට්ටමින් විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවත්, පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලක ම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම පාසල් ආරම්භ වූ පසු නිල ඇඳුම් බෙදාදීම, පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම, පහ ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කිරීම ඇතුළු ‍පාසල් පද්ධතිය තුළ සිදුකෙරෙන සමස්ත කාර්යභාරය තුළ අධ්‍යයන මෙන්ම අනධ්‍යයන සේවක මණ්ඩල වෙත ද විශාල වගකීමක් පැවරෙන බවත්, කොවිඩ් කාලයේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට නොහැකිව මගහැරුණු බොහෝ දේ නැවත ක්‍රියාවට නැංවීමට පියවර රැසක් ගත යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Read more

Local News