යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දෙන ලද තොරතුරු අනුව යුද්ධ හමුදාව සහ මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකින් දිර්ඝ කාලීනව පවත්වා ගෙන යන ලද අක්කර පහකට අධික මහා පරිමාණ ගංජා හේනක් වටලා තිබෙනවා.
යාල රක්ෂිතය තුළ දෙසැම්බර් මස 18 දින සිට දින හතරක් පුරා මෙම මෙහෙයුම සිදුකර තිබුණා.
යාල රක්ෂිතයේ පිලිමගල, මහා ආරු ප්‍රදේශයේ බුත්තල – කතරගම මාර්ගයේ සිට සැතපුම් 10ක් පමණ දුරකින් ඉතා රහසිගතව පහසුවෙන් ලගා වීමට නොහැකි අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයක් තුළ එම හේන වගා කර ඇති අතර, මෙම මෙහෙයුමේදි අඩි 6ක පමණ උසින් යුත් කැපිමට සුදානම් කර තිබු ගංඡා පැල ලක්ෂ දෙකක් පමණ, සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්ත්අඩංගුවට ගෙන තිබෙනවා.



