හදිසි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

කොටදෙනියාව පොලිස් ස්ථානයේ භාරයට ගෙන තිබූ රිය අනතුරකට සම්බන්ධ ලොරි රථයක් එහි හිමිකරු වෙත මුදා හැර තිබුණා.

මුදා හරින ලද ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කාර්මිකයෙකු ගෙන්වා ලොරි රථයේ තිරිංග පද්ධතිය අලුත්වැඩියා කිරීමට රථයේ හිමිකරු ක්‍රියාකර තිබෙනවා.

එම කාර්මිකයා විසින් ලොරි රථය යටට ගොස් රථය පණගන්නවා ඇති අතර එක වරම ලොරි රථය පසු පසට ධාවනය වී කාර්මිකයා ලොරි රථයේ ඉදිරිපස රෝදයට යටවි තිබුණා.

බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55 ක් වන මඩවල, කැපපෙටිවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News