මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වනවා. මෙම නීති කඩකරන පුද්ලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.



