අදත් තද වැසි

Share

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වනු ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) පමණ තරමක තද සුළං ඇති වි‍ය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News