හදිසි ගින්නකින් පුද්ගලයින් 2ක් මරුට

Share

පේදුරුතුඩුව පොලිස් වසමේ මුහුදු වෙරළපාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි මාළු ඇසුරුම් කිරීමට යොදාගන්නා සෘජුෆෝම් පෙට්ටි හා පලාස්ටික් ගබඩා කර ඇති ගඩඩා කාමරයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිලිස්සී මියගොස් තිබෙනවා.

මරණකරුවන් වයස අවුරුදු 37, 45ක් වූ උඩුපුස්සැල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනා මාළුවාඩිය තුල රැදී සිටිමින් රැකියා කටයුතු සිදුකර ඇති අතර ඔවුන් මෙම ගබඩා කාමරය තුල රැදී සිටිය දී මෙලෙස ගින්ට හසුව තිබෙනවා,

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News